Friday, January 11, 2013

නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.

නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.

ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනෙ.ඒ උනත් අද ඉංග්‍රීසි භාෂාව නැතිව බැරි දෙයක් වෙලා මොකද වර්ථමාන හා අනාගත ලෝකය තොරතුරු තාක්ෂණයත් සමග ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක අප වැනි රටක සිටින තරුණ පරපුරට මෙන්ම වැඩිහිටි පරපුරටද ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය වී ඇත.තොරතුරු තාක්ෂණය සමග ඉදිරියට පා තබනවා නම් තමන්ගේ ඉංග්‍රීසි දැනුමත් දියුණු කර ගැනීමට වග බලා ගත යුතුය. ගොඩක් අය කියන්නේ 'අනේ පංතියකට යන්නෙ නැතිව නම් ඉංග්‍රීසි දියුණු කර ගන්න බෑ' කියලනේ. මම නම් හිත්න්නෙ පංතියකට යනවට වඩා අන්තර්ජාලයෙන් අපට පහසුවෙන් හා නොමිලේ ඉංග්‍රීසි ඉගෙනගන්න පුලුවන් කියල.ඒ සදහා අපට නොමිලේ ඉංග්‍රීසි උගන්වන වෙබ් අඩවි පවා අද වන බිට බිහිවෙලා තියෙනවා.මම මේ දෙන්න යන වෙබ්අඩවි සේරම නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් ඒව.කම්මැලි වෙන්නෙ නැතිව නිකමට හරි මේ වෙබ් අඩවි වලට ගිහින් පොඩි ට්‍රයි එකක් දීල බලන්න.

http://www.elllo.org/

Google Images වල තියෙන මැජික් එක දන්නවද?

Google Images වල තියෙන මැජික් එක දන්නවද?

කවුරුත් දන්නවනෙ Google ගැන.ඒ ගැන ඉතින් ආයෙ කියන්න ඕන නෑනේ.Google ආයතනය දෙන සේවාවලින් එකක් තමා Google Image Search කියන පහසුකම.ඒකෙන් අපිට ඕන පින්තූර ලේසියෙන්ම හොයගන්න පුලුවන් ඒ Image එකෙ නම Type කරල.හැබැයි දැන් ටික කාලෙක ඉදල මේ සේවාවෙන් අපිට ඕන Image එකක් මේ Search Bar එකට ඇදල දාල (Drag and Drop) ඒ Image එකේ විස්තර හොයාගන්න පුලුවන්.තවම මේ ගැන බැලුවෙ නැත්නම් පොඩ්ඩක් Try කරල බලන්නකො.

මේකෙන් Fake Facebook Profile අදුරගන්නත් පුලුවන්.ඒ කොහොමද? ඒ මෙහෙමයි.සමහර Girls ලගේ Facebook Profile Photos වල ලස්සන ලස්සන Photo දාල තියෙනවනේ.ඉතින් අපේ සමහර අයියල,මල්ලිල මේවට වහ වැටෙනව මොකද මේ ඉන්නෙ ඇත්තම ඇත්ත ලංකාවෙ Girl කෙනෙක් කියල.ඒ Photo වලට Comments එහෙමත් හොදට තියෙනව.ඉතින් ඒ photo එක ඇත්තම එකක්ද කියල බලන්න ඕන නම් ඒක Save කරල google image එකේ search bar එකට ඇදල දාන්න.එතකොට ඒක Indian girl කෙනෙක්ගෙ හරි වෙන රටක Girl කෙනෙක්ගෙ නම් ඒ Photo එක තියෙන වෙනත් Website වගේම ඒ පුද්ලයගේ තොරතුරුත් ලැබෙනව.ඉතින් එහෙම ලේසියෙන්ම Fake FB Profile එකක් අදුරගන්න පුලුවන්.

ඒ විතරක් නෙමෙයි මේකෙන් තව ගොඩක් වැඩ ගන්න පුලුවන්.පාවිච්චි කරල නැත්නම් පාවිච්චි කරල බලන්න.

වෙබ් අඩවි නිර්මාණය ට පිවිසුමක්..

වෙබ් අඩවි නිර්මාණය ට පිවිසුමක්..

ඔන්න ඉතින් ලියන්න හිතුනා වෙබ් අඩවියක් හදාගන්න දන්නේ නැති අයට හෙල්ප් එකටත් එකක්න් පොඩි බ්ලොග් එකක් “වෙබ් ඩිසයින් “ පිළි බදව. ඉතින් මම හිතනවා මේ ගැන ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් ඔයාලාගේ අදහසක් එහෙම් දාන්න.

1. අන්තර්ජාලය යනු? (What is the internet?)
එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයකි. අන්තර්ජාලය පිටුපස තාක්ෂණය විශාල ප්‍රමාණයක් ඇත. මෙහි ඇති පරිගණක එකිනෙකට සම්බන්ධ වෙමින් ඒවා අතර දත්ත හුවමාරු කළ හැකිය. අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ ප්‍රධාන පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා, තොරතුරු විශාල ප්‍රමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි.අන්තර්ජාලයට නිෂ්චිත පාලකයෙක්ද නොමැත. නමුන් විවිධ අන්තර්ජාල සෙවාවන් මගින් යම් ආකාරීය පාලනයකට නතුව ඇතත් එය සෘජු පාලනයක් නොවේ. ඔබට අන්තර්ජාල ප්‍රවේශය ඇත්නම්, ඔබට මේ සියලුම තොරතුරු ඔබගේ ම පරිගණකයෙන්ම කියවන්නට, අසන්නට, දැක ගන්නට සහ ඒ සමඟ ක්‍රියා කිරීමට හැකි වනු ඇත.

2. වෙබ් අඩවියක් යනු? (What is a web site?)
වෙබ් පිටු කිහිපයක එකතුවකි.මෙම වෙබ් පිටු එකිනෙක සම්බන්ද වී වෙබ් අඩවියක් සෑදේ. අන්තර්ජාලයේ ඇති බහුමාධ්‍යමය අනුරුව වෙබ් අඩවියක් ලෙස සැලකේ. අන්තර්ජාලය භාවිතා කිරීමේදී සිදුවන්නේ අප විසින් වෙබ් අඩවියකට පිවිස එමගින් සේවාවන් ලබාගැනීමයි. වෙබ් අඩවියක් නැරඹීම සදහා විශේෂ මෘදුකාංග (Software’s) අවශ්‍ය වේ. ඒවා වෙබ් බ්‍රවුසර (Web Browser) ලෙස හදුන්වයි. එසේ භාවිතා කිරීමට හේතුව වෙබ් පිටු සැදී ඇත්තේ HTML (Hyper Text Markup Language) හෝ වෙනත් විශේෂ භාෂාවකිනි (ex:- HTML, PHP, JAVA, ASP.NET ).

3. වෙබ් අඩවි නිර්මාණය (Web design)
වෙබ් අඩවියක් නිර්මානය කිරීමේදී සිදුකරනුයේ මෙම විශේෂ මෘදුකාංග(Web Browser) මගින් කියවියහැකි වන අයුරින් HTML භාෂාව හෝ වෙනත් (server language) සර්වර් භාෂාවකින් අපට අවශ්‍ය තොරතුරු ස්ථාන ගත කර පිටු ආකාරයට සැකසීමයි. මේසදහා භාවිතා කරන භාෂාවන් අතුරින් HTML යනු මූලික වෂයෙන් භාවිතා කරන භාෂාවකි. මෙමගින් සිදුකරනුයේ වෙබ් පිටුවේ සදහන් වියයුතු දත්තයන් අපට අවශ්‍ය ආකාරයට කලමණාකරණය කිරීමයි. මෙලෙස වෙබ් පිටුවට ඇතුලත් කරන දත්තයන් “කන්ටෙන්ට් (content)” ලෙස හැදිනවේ.

4. HTML (Hyper Text Markup Language)
HTML (Hyper Text Markup Language) යනු වෙබ් අඩවි නිර්මාණයේදී භාවිතා වන මූලිකම භාෂාවයි. දැනට වැඩි වශයෙන් භාවිතා වනුයේ HTML 4 සංස්කරනයයි. HTML 5 සංස්කරනයද මේවනවිට හදුන්වා දී තිබේ. නමුත් මෙහිදී සාකච්ඡා වනුයේ HTML 4 සංස්කරනය පිළිබදවයි.

සත්‍ය වශයෙන්ම HTML යනු ප්‍රෝග්‍රෑම් භාෂාවක් (Programming language) නොවේ HTML යනු දත්ත සකසුරුවම් කිරීමට යොදාගන්නා එක්තරා සරල භාෂාවකි එය Markup Language ලෙස හැදින්වේ. එනම් මෙමගින් යම්කිසි ආකාරයක වැඩසටහනක් ක්‍රියාත්මක වීම සිදු නොවේ. වෙබ් අඩවි නිර්මාණයේදී ඒ සදහා වෙනත් භාෂාවන් (PHP, JAVA, ASP.NET වැනි භාෂා) භාවිතා කරයි.

වෙනත් භාෂාවලදී මෙන්ම මෙහිදී අදාල කාර්යයන් ඉටු කර ගැනීමට විශේෂ කේතයන් (Codes) භාවිතාවේ. මේවා HTML සම්බන්දක (HTML Tags) ලෙස හැදින්වේ. මේවා භාවිතයෙන් අපට අවශ්‍ය වෙබ් පිටුව නිර්මාණය කරගතහැක.

5. වෙබ් ටූල්ස් (Web Tools)
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඒසදහා විවිධ උපකරන (වෙබ් ටූල්ස් - Web Tools) භාවිතා කිරීමට සිදුවේ. මෙහිදී වෙබ් ටූල්ස් ලෙස හැදින් වනුයේ වෙබ් අඩවි නිර්මාණයේදි යොදා ගන්නා විවිධ මෘදුකාංග (Software’s) ය. මෙහිදී ප්‍රධාන වහයෙන් වැදගත් වන්නේ Text Editor යග
Ex:-
· Notepad
· Get editor
· Gedit
· Nano
· Ultraedit
· TextMate
මීට අමතරව වෙබ් අඩවි නිර්මාණයටම සැකසුනු විශේෂ ‍ මෘදුකාංග නිර්මාණය කර ඇත.
Ex:-
· Adobe Dreamweaver
· Adobe Home Site
· Alley code HTML Editor
· Microsoft web Expression
· Microsoft Visual Web

6. වෙබ් එක්ස්ටෙන්ෂන් (Extension)
වෙබ් පිටුවක් හෝ පරිගණකයක භාවිතාවන කුමන වර්‍ගයේ ගොනුවකට ( File) වුවද එක්ස්ටෙන්ෂන් එකක් පවති. අදාල ගොනුව භාවිතාවන මෘදුකාංගය හදුනා ගැනීමට මෙය ඉතා වැදගත්ය.ගොනුවක් නම් කිරීමේදී පළමුව නමත් දෙවනුව එක්ස්ටෙන්ෂනයත් ලබාදෙයි. උදා:-File name. Extension Index.html
වෙබ් පිටුවකටද එක්ස්ටෙන්ෂන් පවතියි. වෙබ් පිටුවක එක්ස්ටෙන්ෂන් තීරනය වන්නේ එම වෙබ් පිටුව නිර්මාණය කරනු ලබන භාෂාව මතය. (.php .html .xml .js .asp)