වෙබ් අඩවි නිර්මාණය ට පිවිසුමක්..
ඔන්න
ඉතින් ලියන්න හිතුනා වෙබ් අඩවියක් හදාගන්න දන්නේ නැති අයට හෙල්ප් එකටත්
එකක්න් පොඩි බ්ලොග් එකක් “වෙබ් ඩිසයින් “ පිළි බදව. ඉතින් මම හිතනවා මේ
ගැන ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් ඔයාලාගේ අදහසක් එහෙම් දාන්න.
1. අන්තර්ජාලය යනු? (What is the internet?)
එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයකි. අන්තර්ජාලය පිටුපස තාක්ෂණය විශාල ප්‍රමාණයක් ඇත. මෙහි ඇති
පරිගණක එකිනෙකට සම්බන්ධ වෙමින් ඒවා අතර දත්ත හුවමාරු කළ හැකිය.
අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ ප්‍රධාන පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා,
තොරතුරු විශාල ප්‍රමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක්
පමණි.අන්තර්ජාලයට නිෂ්චිත පාලකයෙක්ද නොමැත. නමුන් විවිධ අන්තර්ජාල සෙවාවන්
මගින් යම් ආකාරීය පාලනයකට නතුව ඇතත් එය සෘජු පාලනයක් නොවේ. ඔබට අන්තර්ජාල
ප්‍රවේශය ඇත්නම්, ඔබට මේ සියලුම තොරතුරු ඔබගේ ම පරිගණකයෙන්ම කියවන්නට,
අසන්නට, දැක ගන්නට සහ ඒ සමඟ ක්‍රියා කිරීමට හැකි වනු ඇත.
2. වෙබ් අඩවියක් යනු? (What is a web site?)
වෙබ් පිටු කිහිපයක එකතුවකි.මෙම වෙබ් පිටු එකිනෙක සම්බන්ද වී වෙබ් අඩවියක්
සෑදේ. අන්තර්ජාලයේ ඇති බහුමාධ්‍යමය අනුරුව වෙබ් අඩවියක් ලෙස සැලකේ.
අන්තර්ජාලය භාවිතා කිරීමේදී සිදුවන්නේ අප විසින් වෙබ් අඩවියකට පිවිස එමගින්
සේවාවන් ලබාගැනීමයි. වෙබ් අඩවියක් නැරඹීම සදහා විශේෂ මෘදුකාංග
(Software’s) අවශ්‍ය වේ. ඒවා වෙබ් බ්‍රවුසර (Web Browser) ලෙස හදුන්වයි.
එසේ භාවිතා කිරීමට හේතුව වෙබ් පිටු සැදී ඇත්තේ HTML (Hyper Text Markup
Language) හෝ වෙනත් විශේෂ භාෂාවකිනි (ex:- HTML, PHP, JAVA, ASP.NET ).
3. වෙබ් අඩවි නිර්මාණය (Web design)
වෙබ් අඩවියක් නිර්මානය කිරීමේදී සිදුකරනුයේ මෙම විශේෂ මෘදුකාංග(Web
Browser) මගින් කියවියහැකි වන අයුරින් HTML භාෂාව හෝ වෙනත් (server
language) සර්වර් භාෂාවකින් අපට අවශ්‍ය තොරතුරු ස්ථාන ගත කර පිටු ආකාරයට
සැකසීමයි. මේසදහා භාවිතා කරන භාෂාවන් අතුරින් HTML යනු මූලික වෂයෙන් භාවිතා
කරන භාෂාවකි. මෙමගින් සිදුකරනුයේ වෙබ් පිටුවේ සදහන් වියයුතු දත්තයන් අපට
අවශ්‍ය ආකාරයට කලමණාකරණය කිරීමයි. මෙලෙස වෙබ් පිටුවට ඇතුලත් කරන දත්තයන්
“කන්ටෙන්ට් (content)” ලෙස හැදිනවේ.
4. HTML (Hyper Text Markup Language)
HTML (Hyper Text Markup Language) යනු වෙබ් අඩවි නිර්මාණයේදී භාවිතා වන
මූලිකම භාෂාවයි. දැනට වැඩි වශයෙන් භාවිතා වනුයේ HTML 4 සංස්කරනයයි. HTML 5
සංස්කරනයද මේවනවිට හදුන්වා දී තිබේ. නමුත් මෙහිදී සාකච්ඡා වනුයේ HTML 4
සංස්කරනය පිළිබදවයි.
සත්‍ය වශයෙන්ම HTML යනු
ප්‍රෝග්‍රෑම් භාෂාවක් (Programming language) නොවේ HTML යනු දත්ත සකසුරුවම්
කිරීමට යොදාගන්නා එක්තරා සරල භාෂාවකි එය Markup Language ලෙස හැදින්වේ.
එනම් මෙමගින් යම්කිසි ආකාරයක වැඩසටහනක් ක්‍රියාත්මක වීම සිදු නොවේ. වෙබ්
අඩවි නිර්මාණයේදී ඒ සදහා වෙනත් භාෂාවන් (PHP, JAVA, ASP.NET වැනි භාෂා)
භාවිතා කරයි.
වෙනත් භාෂාවලදී මෙන්ම මෙහිදී අදාල කාර්යයන් ඉටු කර
ගැනීමට විශේෂ කේතයන් (Codes) භාවිතාවේ. මේවා HTML සම්බන්දක (HTML Tags) ලෙස
හැදින්වේ. මේවා භාවිතයෙන් අපට අවශ්‍ය වෙබ් පිටුව නිර්මාණය කරගතහැක.
5. වෙබ් ටූල්ස් (Web Tools)
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඒසදහා විවිධ උපකරන (වෙබ් ටූල්ස් - Web
Tools) භාවිතා කිරීමට සිදුවේ. මෙහිදී වෙබ් ටූල්ස් ලෙස හැදින් වනුයේ වෙබ්
අඩවි නිර්මාණයේදි යොදා ගන්නා විවිධ මෘදුකාංග (Software’s) ය. මෙහිදී
ප්‍රධාන වහයෙන් වැදගත් වන්නේ Text Editor යග
Ex:-
· Notepad
· Get editor
· Gedit
· Nano
· Ultraedit
· TextMate
මීට අමතරව වෙබ් අඩවි නිර්මාණයටම සැකසුනු විශේෂ මෘදුකාංග නිර්මාණය කර ඇත.
Ex:-
· Adobe Dreamweaver
· Adobe Home Site
· Alley code HTML Editor
· Microsoft web Expression
· Microsoft Visual Web
6. වෙබ් එක්ස්ටෙන්ෂන් (Extension)
වෙබ් පිටුවක් හෝ පරිගණකයක භාවිතාවන කුමන වර්‍ගයේ ගොනුවකට ( File) වුවද
එක්ස්ටෙන්ෂන් එකක් පවති. අදාල ගොනුව භාවිතාවන මෘදුකාංගය හදුනා ගැනීමට මෙය
ඉතා වැදගත්ය.ගොනුවක් නම් කිරීමේදී පළමුව නමත් දෙවනුව එක්ස්ටෙන්ෂනයත්
ලබාදෙයි. උදා:-File name. Extension Index.html
වෙබ් පිටුවකටද
එක්ස්ටෙන්ෂන් පවතියි. වෙබ් පිටුවක එක්ස්ටෙන්ෂන් තීරනය වන්නේ එම වෙබ් පිටුව
නිර්මාණය කරනු ලබන භාෂාව මතය. (.php .html .xml .js .asp)
No comments:
Post a Comment