සිතට ගමු

මව්පියො උතුම් මය
අපගෙ පෙර දෙවිවරු මය
අප රකිනුවෝ මය
වදිමු මව්පිය දෙදෙන මහිමය

සිගා කා ගෙන වත්
කිලිටු වැරහිලි ඇදගෙන වත්
බිම වැටී ඉද වත්
මහත් සැපවෙයි ඉගෙන ගතහොත්

උසස් කුල උවන්නත්
දහස් ගම් බිම් තිබුනත්
පිරිස් බල හිටියත්
උසස් නැත සිප් සතර නැතහොත්

පිරෙන තෙක් විසි වස
ඉගෙන ගැනුමෙහි සිටි යස
පිරුනු කල තිස් වස
තරුණ පෙළ බැබලේය ගරුලෙස

ගත හැකි දෙය වැඩට
අහක නොදමනු කිසිවිට
පල නැති දෙය නුඹට
දෙනුව ඉන් වැඩ ගන් අයහට

තම අත තම හිසට
අන් අත නොවෙයි හැමවිට
නිතින් එය සිහිකොට
කරනු වීරිය හොදින් හැදුමට

No comments:

Post a Comment